Sunday, September 11, 2011

අනාගතය අදයි...

මොහොතින් මොහොත ජීවිතය නොනෑවතී ඉදිරියටම ගලයනවා. ඉපදුන දවසෙ ඉදන් අද වෙනකන් කොච්චර දේවල් කරන්න ඈතිද? කොච්චර දේවල් දකින්න ඈතිද? කොච්චර දේවල් අහන්න ඈතිද? ඒ අහපු-දෑකපු, කරපු-කියපු දේවල් වලින් කොතරම් අත්දෑකීම් ලබාගන්න ඈතිද? එහෙම ලබගත්තු අත්දෑකීම් වලට පින් සිද්ද වෙන්න අද අපි යමක් කමක් දන්න පුද්ගලයෙක් වෙලා සමාජයේ ජීවත් වෙනවා.
          ඒත් එක මොහොතක් හිතල බලන්න. ඒ ලබාගත්තු අත්දෑකීම් වලින් පන්නරය ලබන්නට හේතු වෙච්ච තමන්ගෙම ආදරනීය අම්මා, තාත්තා, සහෝදරයෝ වෙනුවෙන්, කොච්චර කෑපකිරීමක් තමන් කරල තියෙනවද? ජීවිතේ කෙලවර කොතනද කියල අපි කාටවත් කියන්න බෑහෑ. අ දවසේ හදිසියේම ජීවිතයට සමු දෙන්නට උනොත්, තමන් ඒ අය වෙනුවෙන් කරපු කෑපකිරීම් වලින් සෑහීමකට පත් වෙන්නට පුලුවන්ද? ඒ වගේම තමන් අද ඉන්න තත්වේ ලබාගන්නට හේතු වුනේ නිදහස් අධයාපනය නම් ඒ උතුම් නිදහස් අOHපනය රෑක ගෑනීමට ඔබ කෙතරම් දායක වී ඈතිද? තමන් ඉගෙනගත්තු ඒ විදු භූමියට කෙතරම් උදව් කර ඈතිද? ඒ කරපු දේවල් වලින් සෑහීමකට පත් වෙන්නට පුලුවන්ද?
               පරාර්ථකාමී වෙන්න කොච්චර අමාරුද? ඒත් ලේසියෙන්ම ආත්මර්ථකාමී වෙන්නනම් පුලුවනි. පොඩ්ඩක් හිතල බලන්න තමන් මොනවගේ කෙනෙක්ද වෙන්න ඕනේ කියලා. අමතක කරන්න එපා, අපේ අනාගතය අදයි...

No comments:

Post a Comment