Saturday, August 25, 2012

සැරයටියෙනුත් යනෙනා තුරා.....

කෙලිලොලෙන් ගතකරපු අපේ ඒ අතීතය.....
මතකයක් පමණක්ම කර,
ඇයිද නුඹ අපව තනිකර ගිලිහුණේ.....

ඒ අතීතය,
හැමදාමත් අද ඊයේ වගේ දැනේවි,
නුඹේ කතා කනට ඇසේවි,
නුඹේ සිනහව හිතේ මැවේවි,

ඒත්.....
නුඹේ කතාව, ඒ සිනහව
මතු කිසිදිනෙක අප හැබැහින්ම නොවිදීවි.....

නුඹ දමා ගියත් අපව,
මිතුරෙකුව හදේ රැදී සිටී හැම දිනෙක.....

මතු භවයෙදිත් අප මිතුදමින් බැදෙමු
ඒත්.....
මෙලෙස අකාලයේ ලොවම හැර දමා යන්නට නොව,
සැරයටියෙනුත් ගමන් කරනා තෙක්ම.....

No comments:

Post a Comment